Tuesday, May 27, 2014

ලොකු සිත් වල පුංචි සිතිවිලි.....







''මං පුංචි වතුර බින්දුවක් විතරයි''
රෑක මැදියමේ
සද එළිය ගෙට එන්න පොදිකන
ජනෙල් පළු දෙපසට විදා හැර
මාරුතේ හැනී ආ සිසිලස විදිමින්....
නුඹ කීය මගේ පිළිතුරු නොපතමින්......
 '' ඔව්..... මහා සයුරත්
ටිකක් ලොකු වතුර බින්දුවක් විතරයි''
මගේ ළය පතුළෙන් පැමිණ එක පිළිතුරක්
පිටවීය සුසුමක් විලසින්...........


''ඔබේ ජීවිතේ ඇතුළේ මං එක පුංචි මොහොතක් විතරයි''
එසද, ඒ සද සොයන දෑසින්
අරමුණු විරහිත හදවතින්
නුඹ කීය මා පිළිතුරු නොපතමින්....
''ඔව් කල්පයක් කියන්නෙත්
ටිකක් ලොකු පුංචි මොහොතක් විතරයි''
අනෙක් ඇළයට හැරුණෙමි..
පිළිතුර කොට්ටයට පවරමින්....



1 comment: