අධිතක්සේරුවේ ආදරණීය කවිය
අද හෙට දවසක
පාළුව මකන්නම
හිතාගෙන තුන් හිතින්ම
මං ඇවිත් යන්නං
වැව රවුමෙ
හවසක ඇවිදින්ට
නුඹ එක්ක..................
ඇහැල මල් වලට
නුඹට
තරමටම
නොදැනුනත් මං නැති අරුම
මල් නැත්තෙ තාම
මං නැති නිසයි
දැක දැක ඉන්න තිස්සෙම.........
කෑළ ගස් වලත් - පිච්ච මල් වැලෙත්
පහුගිය දෙමාසෙම
මල් පිපි පිපී
ගං දියට නොවැටුණේ
‘‘මං නැති සොවින්
මල්
වරපු නිසා‘‘ යැයි
මහවැලිය කියලා තිබුණා
මුහුදෙ දි හමුවෙලා
කැළණි ගං දිය බිදකට..........
ඉර වුණත් ඩිංගක් සැරවුණේ
මගේ මූණ ඉම්බෙ නැති අඩුවටලු
මට කිවුවෙ කුරුළු
ජෝඩුවක්
කොළඹ බලලා යන්ට ආ ගමන් ........
එන්නං.............. එන්නං.................. ඉක්මනින් එන්නං.............
හිතේ පොපියන පැතුම්
ඔක්කොම දන්නවා මං
එනකල් ඉන්න
ඔය ඇස් දල්වගෙන
විජහිං එන්නං මං..............