Thursday, May 8, 2014

නූලේ දුර....








කිසිවෙකුට නොපෙනෙනා
දිගුම දිගු නූලකින් ....
මගේ හිත නුඹෙ අතේ 
ඇගිල්ලක ගැට ගහන් 
නුඹ කොහේ කොහේ යනවද 
''මට ඔහේ ඉන්නට 
ඉඩ දෙන ගමන් ''.........

ඉන්න බව දන්නකොට
මං මෙතන ජීවිතේ අත් දෙකේ
ගුලි කරන්.......
කුරුල්ලෙක් වගේ නුඹ නිදහසේ
තැන - නොතැන 
දැන - නොදැන
ඉගිලෙන තරම්........

හීන අත්තටු පිරිමැදන්
නුඹ කොහේ ඉගිලුනත් තටු අරන්
මං ඉන්නෙ සියුම් නූලකින්
නුඹ මගේ හදවතට  ගැටගහන්........

2 comments:

  1. හරිම අසාධාරණයි. පවු අසරණී (සමහර විට අසරණය වෙන්නෙත් බැරි නෑ.)

    ReplyDelete
  2. මේ තමයි හැබෑ ආදරේ........

    ReplyDelete