Wednesday, May 21, 2014

තාත්තාගේ මරණය






හිනිදුම් නිම්නය පසු කර
හල් ගස් අතරින්
පොළොව පහුරු ගාගෙන නුඹ 
ගිංතොට යන විට....
රිදුනේ නෑ පොඩ්ඩක්වත් 
මේ මහ පොලොවට
ඒත් මොකද අපෙ අප්පා 
ගෙන ගිය හේතුව.............

හතලිස් හතරේ 
මහ ගංවතුරට යට වුණ
බිම් මායිම් පහුකර  නුඹ 
ආයෙත් ආවද....
අපි ඇවිදින් හැන්දෑවට 
අතපය හෝදන
මේ ගග මෙච්චර සැර බව 
හිතන්නෙ කොහොමද .................

ඔරුව අරන් එගොඩ මෙගොඩ 
යා කරවන්නට
හෙට ඉදලා මමත් ඔන්න 
එනවා ඉවුරට...........
මං බය නැත 
ගොංගල කදු මුදුනෙන් ආවට
ගග පතුලේ ඉදලා මා 
රකින්න පියතුම.................




ගාමිණී ජයවර්ධන

5 comments:

  1. හල් ගහක පිංතූරයක් හොයල දෙන්න බැරිද,මම හැම තැනම හොයනව.

    ReplyDelete
    Replies
    1. එවන්න විදියක් තියන්න.

      Delete
  2. හදවත ඉතාම සංවේදී කල ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්. ගොඩක්ම ස්තූතියි මෙය පළකලාට..

    ReplyDelete
  3. ඇත්තටම සුන්දරයි..

    ReplyDelete
  4. ලස්සන නිර්මාණයක්..................

    ReplyDelete