Friday, September 28, 2012

Beautiful Galle








සිහින වෙරළ............


සිහින වෙරළ............



කදුළු මිහිදුම් යාය කෙළවර
අතීතේ සිහින වෙරළට
මතකයෙන් පියනගමි ඉ‍දහිට
යෞවනේ සිටි අප දකින්නට........


ජීවිතේ මහ මුහුදු අ‍දුරේ
බොද වුනෙමු අප අපෙන් වෙන් වී.......
සො‍දුර නුඹ මා එකම සහුරේ
කොහේ කොතැනක දෝ......................


ජීවිතේ සුදු සිහින නගරේ
මිරිගු දිය මීවිතට ලොල් වූ...........
නුඹත් මා මෙන් ඒ බොළද යුගයට 
සිනා සෙනවාදෝ.....................





ජගත් ගාමිණි මාවතගම...................................

Wednesday, September 12, 2012

Loneliness


The Death

මරණය..........................


ජීවිතේ අම්බලම පීරා
මා සොයා වෙහෙසෙන්නෙපා
මළ කුරුල්ලෙකුගේ 
මළකුණක් පමණි එහි ඇත්තේ.......

පියාපත් බරපවා නොදැනුන
කුරුල්ලෙකුගේ.....
බිදී විසිරුණ සදා සුන්දර සිහිනයක
සුන්බුන් පමණි එහි ඇත්තේ.....

මලින් බර එක් වසත් කාලෙක
ලියූ කවි ගී ළෙහි හොවාගෙන 
ලෝකයට රහසේම මියයන
කවියෙකුගෙ නටඹුන් පමණි එහි ඇත්තේ.....






-ජගත් ගාමිණී මාවතගම-