ඉස්තරම් රැවුළ් කාරයාගේ කතාවස්තුව....
ඩියෝගේ සම්පූර්ණ නාමය ඩියෝ මධුවන්ත
වුණත් විශ්ව විද්‍යාලයිය ජීවිතේ ඇතුලේ ඔහුගේ නම‘‘ජැණ්ඩි’’ ඔහුට ඒ නාමය පටබැඳුනේ ඔහු මුලින්ම විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණ
දවසේ ඇඳ පැළඳ ගෙන ආ ජේත්තුකාර විලාශය
නිසාලූ. අනෙක් අතට ජ්‍යේශ්ඨ සිසුන් විසින් වෙන වෙන නම් කීපයක් පටබඳින්න උත්සාහ
කළත්, ඩියෝ ස්වේඡ්චාවෙන්ම ඉදිරිපත් වෙලා
තමන්ව ජැණ්ඩියා කියන නමින් හඳුන්වා ගත්තලූ. වෙන කෙනෙක් තමන්ගේ කැම්පස් කාඞ් එක ගැන
අහන හැම වෙලේම ජැණ්ඩියා කියන නම කියන්න ඔහු පසුබට වුණේ නැහැලූ. ඒක එක්තරා අනන්‍ය ලක්‍ෂණයක් විදියට තමා ඩියෝ
නම් කරන්නේ. මිනිහම තමා ඉතින් ඕව කියන්නේ - ඇත්ත නැත්ත කෙසේ වෙතත්.
විවිධ කලා කුසලතා තිබුණත්, මූර්ති
ශිල්පියෙක් වීමේ සිහිනයෙන් රිදවුණ ජැණ්ඩියාගේ දෙනෙත් වල රත්පැහැය අතරේ හැම මොහොතේම
වගේ තිබුණේ ඒ මුර්ති ශිල්පීය ලක්‍ෂ ටිකක්. මට දැනෙන විදියට - වැවීගත් රැුවුළයි
කොණ්ඩෙයි දෙකම වැඩිපුර බැබලූනේ ඩියෝගේ ඇස්වල ලස්සන නිසා. ඒ ඇස් වගේම ඇසි පිහාටුත්
දිගුයි. ඒවායේ නොසැ`ගවුණ කතාවක් තිබුණා. කළු හමයි, කොට ඇ`ගිලියි අර ජේත්තුවට සරිලන විදියට දෙවින්ගෙන් ලැබිල තිබුණේ නෑ. ඒ ඇරෙන්න ඔහුගේ ජේත්තුව හරිම
ඉස්තරම් එකක්.
මම ඔහුව හඳුනාගත්තේ ගැලරියේ තිබුණ
මූර්ති ප‍්‍රදර්ශනයක දී. විශ්ව විද්‍යාල පළමු වසරේ සිසුන්ගේ මුර්ති දැක්මක් බලන්න
මං ගැලරියට ගියේ දවසක් හදිසියේ වගේ. එක මුර්තියක් තිබුණා - ටයරයක් පදවාගෙන හෙලූවෙන්
දුවන පොඩි පිරිමි දරුවෙක්. ඒ දරුවා පදවාගෙන යන ටයරයේ තිබුණේ භාගයයි. ඉතිරි භාගේ
නෑ. ඉස්සරහින් මූර්තියේ නම ගහලා තිබුණේ ’’මගේ ළමාවිය’’ කියලා. මේ අපූර්ව ළමාවියේ හිමිකරුව
හොයන්න මට පැය දෙකක් විතර එතනට වෙලා ඉන්න වුණා.
අන්තිමට ඔහු ආවේ නිකම්ම කොට කලිසමකුයි
ටී ෂර්ට් එකකකුයි ඇඳගෙන. මූර්ති ශිල්පියෙක් ලෙස මගේ සිතේ ඇඳී තිබුණ ප‍්‍රතිරූපය
නෙවේ එදා මට හමුවුණේ. ඒත් ඔහුගේ මුහුණ වසාගත් මුරණ්ඩු රැුවුළයි, කොණ්ඩෙයි නිසා සිත තදින්ම ඔහු කෙරේ නතු වුණා.
ඔහුගේ කලාව කෙරේ නතුවුණා. ඒක අපූර්ව ඇඟෑළුම්
කමක් - ආකර්ශනයක්.
ඔහුට මොන නම තිබුණත්, කවුරු කොහොම කතා කලත් මං මගේ හිතින් ඔහුව
ඇමතුවේ - ඉස්තරම් රැවුළ් කාරයා - කියලයි.
හිත හොඳ සෙබලාගේ ටිකට් විකිණීමේ වික‍්‍රමය
ගාලූ මුවදොර පිටියේ බංකුවක් මත කතා
අතරේ කාලය ගෙවී යද්දී, අපි ඉදිරියට ආවේ නොඋස් කෙසඟ පුද්ගලයෙක්. කිසිම ගැලපීමක් නැති කමිසයකුයි
කලිසමකුයි ඇඳලා හිටිය මේ පුද්ගලයා ඔහුගේ කමිසයේ උඩ බොත්තම් දෙකම විවෘත කරගෙන
හිටියේ ඉන්දියන් සාගරයේ සුළඟට තම නිර්භය භාවය ප‍්‍රකාශ කරන්න වගේ.
කෙසේ වෙතත් ඔහු අපිට ලං වෙද්දී ඔහුගෙන් නික්මුණ අධික මත්පැන් දුර්ගන්ධය අපි
දෙන්නටම දැනුනා.
‘මල්ලි, ගන්නකෝ මේ ටිකට් එකක්...
මොකක්ද ටිකට් එක. ඩියෝ ඇහුවා.
කාල්ටන් සුපර් ක්‍රොස් මෝටර් රේස් එකේ
ටිකට් මල්ලි... එකක් එකසිය පනහයි..
අනේ අයියේ අපි ලඟ සල්ලි නෑනේ.... ඊළඟ පිළිතුරත් ඩියෝගේ
එහෙම කියන්නෙපා මල්ලි. මං හමුදාවේ
කොල්ලෙක්. අපි අවුරුදු ගාණක් යුද්ධෙත් එක්ක හිටියා. අපි නැත්නම් අද ඔයාල මෙහෙම
නිදහසේ ඇවිත් ඉන්නෙත් නෑනේ... උදව්වක් කරන්න කොල්ලෝ... ඔය දැන් හමුදාවට යන එවුන්
වගේ නෙවේ අපි. එක වතාවක් යුද්දේ සැරටම යද්දි මං හිටියේ ඉස්සරහින්ම. ජීවිතේ ගැන
කිසිම විශ්වාසයක් තිබුණේ නෑ..
ඔහු ඔහුගේ යුධ හමුදා නිළ හැඳුනුම්පතයි,
අත පය වල වෙච්ච තුවාලයි පෙන්නන ගමන් කිව්වා
ඉතින් ඇයි අයිය මේ ටිකට් විකුණ විකුණ
යන්නේ... ඩියෝ අහුවා.
අපිව එක එකාගේ පක්කලිකම් කරන්න දාල
තියෙන්නේ මල්ලි. මොනවා කරන්නද? ඒකාලේ ඉගෙන ගත්ත නම් උඹලා වගේ ජැණ්ඩි
සූට් ගහල ඉන්නවා...
මං මගේ බෑග් එකෙන් රුපියල් දෙසීයක්
අරන් ඔහුට දුන්නා. ඔහු ඉතිරි සල්ලි දුන්නෙත් නෑ, අපි ඉල්ලූවෙත් නෑ. ඔහු ඊළඟ බංකුව ලඟට ගියා. අපි දෙන්නා මූණට මූණ බලා
ගත්තා.
ඉදිරි ආරක්‍ෂක වළල්ලේ වීරයන් වුණ එවන්
බොහෝ සොල්දාදුවන්, දේශපාලනඥයින්ගේ දාසයන් බවට පත් කිරීම ඒ
වීරත්වය කෙලෙසන කාරණයක්. ඒ හිත හොඳ සෙබළාගේ කතාව නිසාවෙන් මගේ හිතේ අමුතුම
කනස්සල්ලක් ගොඩ නැගෙන්න වුණා.
ගෝල්ෆේස් හි රාත‍්‍රියක්
ගාලූ මුවදොර පිටිය වෙනදාට වඩා කාර්ය
බහුල වෙච්ච රාත‍්‍රියක අපි දෙන්නා පුංචි බංකුවක් මත්තේ ඉඳගෙන එක එක පසින් ගලනා
ආලෝකයේ ගොදුරක් වෙමින් කාලය ගෙව්වා. රාත‍්‍රී දහය පහුවෙද්දි, වරාය දිහෑ හිටන් ගාලූ මුවදොර හෝටලේ දිහාවට එල්ල
කරපු සැර ලයිට් එළියේ සුදු පාට ඩියෝගේ මුහුණට වැටිලා. ඔහුගේ කරේ එල්ලෙන කුරුසියේ
රිදී පැහැය දිලිසෙනවා. වරින් වර හිඟමන්
යදින හිඟන්නන් සාමාන්‍ය කාරණාවක් බවට පත්
වුණාම, ඒක ඇඟටවත් හිතටවත් දැනෙන්නේ නෑ.
අලූත් ආර්ට් එකක් හිතට ආවා.... ඒක
කරන්න ඕන. බොහෝ දීර්ඝ කල්පනා වටයකින්
පස්සේ ඩියෝ කිව්වා.
නියමයිනේ ..... මොකක්ද අයිඩියා එක?
මගේ ආදරය, ලිංගිකත්වය, තාරුණ්‍යය හා දේශපාලනය...
ඔය හැම එකම එකකට එකක් සම්බන්ධයිනේ...
ඒකත් එහෙම තමයි... ඒත් ඒක ඇතුළේ තියෙන
ගැහැට තමා කතා කරන්න ඕන....
රාත‍්‍රියේ අඳුර වැඩෙන්න වැඩෙන්න අපි
අතර ඇති වුණ දෙබස් වල පවා යම් අඳුරක් මැවෙන්න ගත්තා. ඉතින් තවත් රස්තියාදු නොවී
අපි දෙන්නම බයිසිකලේ නවත්තපු තැනට ඇවිද්දේ මුහුදෙන හමන සුළ`
ගන් තරමට සැහැල්ලූවෙන්. මට දැනුන ඒ ගෙවුණ රාත‍්‍රියේ
අඩක් මා අඳුරේ දියව ගියා වගේ ගතියක්.
ටැටූ වැදුන බෙන්ස්
වසර ගණනනාවකට කලින් තිබුණා වගේ නෙවේ, දැන් දැන් කොළඹ නගරාසන්නයේ ඉදිව ඇති අහස සිඹිනා තට්ටු නිවාස වල ආලෝකය පේන්නේ අහසින් පොළොවට වැටෙන තාරකා වගේ. කළුම කළු පසුබිමට තරු වැටුනා වගේ පෙනෙන මේ රාත‍්‍රී ආලෝකය අතරේ අපේ යතුරුපැදිය ඉදිරියට ඇදෙද්දී මුළු ගතම සසල කරන සීතලක් හාත්පස කැළඹුවා. කොල්ලූපිටිය පහු කරලා මහජන පුස්තකාලය ඉදිරියෙන් ඇවිත් විහාරමහා දේවී උද්‍යානය ආසන්නයෙන් යන මොහොතේ දෙපස නිහඬව නැඟී ගත් මහා ගස් පෙළ පොඞ්ඩක් නැමිලා මගේ මුහුණ බැලූවා. හිතට නැඟුන සැහැල්ලූව විඳගන්නත් එක්ක මං මගේ දෑත් දෙපසට විහිදලා මුහුණට වැදෙන සුන්දර සුළඟ විඳගත්තා. රාත‍්‍රියේ දිළෙන නියෝන් විදුලි එළි අස්සෙන් පාර පුරාම යතුරු පැදිය එහා මෙහා අයාලේ යවමින් ඩියෝ මට සහය දුන්නා.
පිටි පස්සෙන් ආව මොටර් රථයක හඬ නිසා අපි පාරෙන් පොඞ්ඩක් පැත්තකට වුණා. ඒක ආඩම්බරකාර බෙන්ස් රථයක්. රිය ඇතුළේ හිටියේ බොහෝම කඩවසම් තරුණයෙක්. ඔහුගේ දෑතේම, උරහිස් වල සිට වැලමිට තෙක් - තිබුණ ටැටූ හොඳින්ම දැක්කේ මම. ඒවා ලස්සනයි. ඒත් මං කවදාවත් ‘‘ටැටූ ගහපු බෙන්ස් හිමියෙක්’’ දැකලම තිබුණේ නෑ. ඊටත් අපි දන්න කාලේ ඉඳලම බෙන්ස් කාර් පැද්දේ වෙනම ක්ලාස් එකක පිරිසක් විතරයි. සමහරවිට මේ ඒ පරම්පරාවෙන් පිට පැනපු පුරුකක් වෙන්නැති. කිහිළි අස්සේ හිරවුණ ඔහුගේ ටී ෂර්ට් එකෙන් පිටතට පැනගත්ත ටැටූ එකේ මෝස්තරය මගේ ඇස්වලින් බැහැර වුණේ නෑ. අපි සමාන්තර වෙද්දී ඔහු සිය වමත ඔසවලා මා දිහාවට සන් කරමින්, ‘‘සුපර්බ්’’ කියා කීවේ රිය කවුළුව විවර කරමින්. සමහරවිට ඔහු තමන්ට අහිමි වුණ මොටර් සයිකල් සවාරියෙන් දුක්වෙනවා වෙන්න ඇති. අපි දෙන්නම ඔහුට අත ඔසවා කෘතඥතාවය පළ කලා. මොහොතින් ඔහු වේගයෙන් ඉදිරියට ඇදී හොර්ටන් ප්ලේස් හි බැරිස්ටා සමාජ ශාලාවට රථය හැරෙව්වා. කොළඹ හතේ මිනිසුන්ගේ ජීවන රාටව පවා වෙනස් කර ඇති ආර්ථික පසුබිම දෙස විපරමින් බැලීමේ අවශ්‍යතාවයක් මට ඇති වුණා.
‘‘දැන් බෙනස් වැහි වැහැලා නේ...’’ ඩියෝ කිව්වේ කෑ ගහලා වගේ.
‘‘අපි බෙන්ස් එකක් ගත්තොත් මොකද කරන්නේ දන්නවද?’’ මං ඇහුවා
‘‘නෑ...’’
‘‘දෙහි ගෙඩි තුනකුයි, මිරිස් කරළකුයි එල්ලගෙන කතරගම ගිහින් භාර වෙලා එනිං ගමන් ආප්ප කඬේකින් ආප්පත් කනවා...’’ මං කිව්වේ ඩියෝගේ උරහිස් මත දෑත් තබා ගනිමින්.
ඩියෝ හිනැහුන බව මං දැක්කේ පැති කණ්නාඩියෙන්. ඔහු ඒක තේරුම් ගන්න ඇති. අපි දන්න දවසේ ඉඳලා අපේ දෙමව්පියන් අපේ සමාජය අපේ වටේ ඉන්න අප අපෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ බෙන්ස් කාර් සහිත පසුබිමකට නැඟීමක්. ඒ වගේම ඒ අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ඒ බෙන්ස් එකෙන් ගිහින් කතරගම වැඳපුදාගෙන අර පැරණි මිත්‍යාමත හිසේ තබාගත් ගමනක් ඇරඹීමත් තමා.
දියවන්නවා පහු කරමින් මාව මගේ නවාතැනට දාපු ඩියෝ නැවතත් බයිසිකලේ නැගලා ඉගිලූනා.
නැඩ්ස්
2015.04.02