Sunday, July 28, 2013

patterns of the life

ජීවන  රටා....




හැම හැන්දෑවෙම පාට ගෙනැල්ලා
මිනුවන් පන් උඩ රටා දමා
ගොතපු ගොතපු මල් මැද මිදුලේ ..........
ඉර එළියට පිපිලා මැණිකේ..........

භවුන් වඩන ඇස් අග්ගිස්සේ
සිතේ පිපෙයි මල් හොර රහසේ
ගෙවුන ඇගිලි තුඩු සුමුදුද මෙතරම්..........
රටා මවන පන්කොළ අස්සේ..........

අහසේ තරු ඇස් වහලා
නුඹෙ සෙනෙහෙන් හද එළිය වෙලා
සඳ එළියේ නුඹ දකින්න එනකොට ..........
අඩ සඳ උකුළත හිස තියලා

Saturday, July 20, 2013

ඌරා වැටුණ ඇළ.....






අප කුඩා උන් කල
ඇවිදගිය ලඳු දෙණි  වදුළු තුල
මතකයේ පියවර මතින්......
අදත් මට පියනගා යා හැකිය......

අප කුඩා උන් කල
හැම හැඳෑ වරුවෙම
දිය කෙළින රිසින් අප ඇවිද ගිය...
ඌරා වැටුණ ඇළ....
සිහරා කඳු පන්ති අතරේ
සැඟවුණ සීත දිය අරගෙන
ආඩම්බරෙන් මත්වී
ගිං `ගං දිය සිප ගන්ට ගිය හැටි......
තවමත් මතකයේ තරුණය.....

ඈ සිය සොඳුරු දෙවුරේ
ගවස ගත් මහා වනස්පති කැළ නැගී අහසේ....
සඟවාලීය අපහට නබෝගැබ හිරු කිරණ.....
දියට වන් විට එ සැඩ දිය පහරේ
අප කෙතරම් උරණ වීද....
සැඩයැ.....
චණ්ඩයැ.....
රළුයැ ..... කියමින්.....
කෙතරම් පැතුවාද අපි
මේ දිය සැඩපහර අඩුවන්නට යැයි.....

අද ඉඳහිට විටක ඒ තුරු වදුළු තුල වන් කල .....
එහි නැත ඒ ඌරා වැටුණ ඇළ.....
යාන්තමින් බඩගා ඇදෙන දිය ඉරක් ඇත අසරණ
මහා වනස්පතියෝද නැත දක්නට
ඉවුරු දෑලේ ගැවසුණ.....
නබෝ ගැබ එළිය ඇත .....
නැත එතැන ළමා ගී, කෑකෝ .....
ඇසෙයි ඈතින්..........
කපා බිම දමන හඬ..........
ඉරා පළු ගසන හඬ..........

                      එහෙත් නොසතුට කිමැයි.....
                      නොදැනේ මගේ හදවත .....

Thursday, October 4, 2012

ට්‍රාන්සර්




ට්‍රාන්සර් එකට පසු.............




පරිගණකයේ අකුරු මුතුකැට

පරදා නැගෙන නුඹේ සුදු මුවේ සිනා කැට...

මතකයෙන් මැවෙන විට

රූරා වැටේ කදුළු කැට අත්ලට......



"නැන්දා එන්නෙ කවදටද "
අහනකොට....අහනකොට....අහනකොට.....
"කැලැන්ඩරයේ රතුපාට දවසටයැ "
කියු නමුත් මට යා හැකිද එදිනට.....
"අනේ...නැන්දා එන්නකො ලබන සිකුරාදාට "
කියනකොට නුඹ...
ඇඬෙන්නේ මට...


මගෙ හිත රිදෙන තැලෙන විට...
සංහිද නුඹය මට....



පුත ගීස, නුඹ හෙට දිනන ලෝකයට
මුතු වරුසා සලන්නට
ඉතිරි කර ගන්නට....
නොහැක මට මේ කදුළු කැට....




Tuesday, October 2, 2012

දෙවෙනි ආදරේ













අසංවර සුළගකින් 
හාදුගත් රාත්‍රියක
හදවතේ නිධන්ගත
සෙනෙහසට රිදුනාද   

අවාරේ රොනට වැඩි
දගකාර බඹර තුඩ
රිදුම් දී හදමතට
දුර ඈත ඇදුනාද

උදැහැනක සුවද ගැළු

සේපාලිකා මලක
කදුළු මළගම මතින්
දෙපා පොඩි ඇදුනාද

පළුදු වුණ වසන්තෙක

ආදරේ පීදිලා
තුරු මුදුන් මතින් විත්
මතක මකරන්ද පොද සැළුවාද

ප්‍රභාමත් දෙනෙතකින්

නිදැල්ලේ ගලා ආ
තාරුකා නෙතුකැල්ම
අදුරු ලෙන් ගුහාවක සැගවීද

නොඉදුලේ රටා ඇදි

මේ කදුළු දෙකොපුලේ
ඉවුරු බිද දා ගැලූ
ආදරේ වේදනා හින්දාද



පාඩම








ගිනිගත් හිරුගෙ කිරණත්
සුපහන් සදුගෙ සිහිලත්
නොමැතිව දිවි ගෙවුමට 
දනිමි මම 
සොදුරිය...

එනයින්
ඔබ මට ශිල්ප කළ යුත්තේ
ඔබේ සිනාවේ
මන්දස්මිතිය නොමැතිව
දිවි ගෙවනා අරුමයයි..............