අප කුඩා උන් කල
ඇවිදගිය ලඳු දෙණි වදුළු තුල
මතකයේ පියවර මතින්......
අදත් මට පියනගා යා හැකිය......
අප කුඩා උන් කල
හැම හැඳෑ වරුවෙම
දිය කෙළින රිසින් අප ඇවිද ගිය...
ඌරා වැටුණ ඇළ....
සිහරා කඳු පන්ති අතරේ
සැඟවුණ සීත දිය අරගෙන
ආඩම්බරෙන් මත්වී
ගිං `ගං දිය සිප ගන්ට ගිය හැටි......
තවමත් මතකයේ තරුණය.....
ඈ සිය සොඳුරු දෙවුරේ
ගවස ගත් මහා වනස්පති කැළ නැගී අහසේ....
සඟවාලීය අපහට නබෝගැබ හිරු කිරණ.....
දියට වන් විට එ සැඩ දිය පහරේ
අප කෙතරම් උරණ වීද....
සැඩයැ.....
චණ්ඩයැ.....
රළුයැ ..... කියමින්.....
කෙතරම් පැතුවාද අපි
මේ දිය සැඩපහර අඩුවන්නට යැයි.....
අද ඉඳහිට විටක ඒ තුරු වදුළු තුල වන් කල .....
එහි නැත ඒ ඌරා වැටුණ ඇළ.....
යාන්තමින් බඩගා ඇදෙන දිය ඉරක් ඇත අසරණ
මහා වනස්පතියෝද නැත දක්නට
ඉවුරු දෑලේ ගැවසුණ.....
නබෝ ගැබ එළිය ඇත .....
නැත එතැන ළමා ගී, කෑකෝ .....
ඇසෙයි ඈතින්..........
කපා බිම දමන හඬ..........
ඉරා පළු ගසන හඬ..........
එහෙත් නොසතුට කිමැයි.....
නොදැනේ මගේ හදවත .....
very nice
ReplyDelete