Tuesday, March 11, 2014

Poem By Traveller

අධිතක්සේරුවේ ආදරණීය කවිය


අද හෙට දවසක
පාළුව මකන්නම
හිතාගෙන තුන් හිතින්ම
මං ඇවිත් යන්නං
වැව රවුමෙ හවසක ඇවිදින්ට
නුඹ එක්ක..................

ඇහැල මල් වලට
නුඹට තරමටම
නොදැනුනත් මං නැති අරුම
මල් නැත්තෙ තාම
මං නැති නිසයි
දැක දැක ඉන්න තිස්සෙම‍.........

කෑළ ගස් වලත් - පිච්ච මල් වැලෙත්
පහුගිය දෙමාසෙම
මල් පිපි පිපී
ගං දියට නොවැටුණේ
‘‘මං නැති සොවින්
මල් වරපු නිසා‘‘ යැයි
මහවැලිය කියලා තිබුණා
මුහුදෙ දි හමුවෙලා
 කැළණි ගං දිය බිදකට..........

ඉර වුණත් ඩිංගක් සැරවුණේ
මගේ මූණ ඉම්බෙ නැති අඩුවටලු
මට කිවුවෙ කුරුළු ජෝඩුවක්
කොළඹ බලලා යන්ට ආ ගමන් ........

එන්නං.............. එන්නං.................. ඉක්මනින් එන්නං.............
හිතේ පොපියන පැතුම්
ඔක්කොම දන්නවා මං
එනකල් ඉන්න
ඔය ඇස් දල්වගෙන
විජහිං එන්නං මං..............

Wednesday, January 8, 2014

Developed City

සංවර්ධිත සුරපුරයේ සැගවී ගිය අතීතය


එදා බොහෝ දිනකට පෙර හමුවී
දෑත් වෙලාගෙන සෙනේ සිතින්
නුඹත් සමග ගිය හැම හැම පාරෙම
අද මම ගියා සෙමෙන් සෙමින්.....

ඒ හැම තැනකම අපේ මතක පෙත්
මකා දමා නොයෙකුත් විලසින්
අලුත් අලුත් දේ ඉදිකර ඇත මෙහි
හදුනා ගන්නට නොහැකි ලෙසින්....

සිතේ පුරෝගෙන ආපු පැතුම්
සිත යට සගවාගෙන  රහසින්....
නෙතින් කදුළු නොහෙලා මම ඉවසමි
සංවර්ධිත සුරපුර දකිමින්......

Monday, November 18, 2013

තිත්ත කෝපි






මම මා ඉදිරිපස මේසය මත සීරුවට තබා ඇති කෝපි කෝප්පයේ වර්ණයත් සුවඳත් අත් වින්දෙමි. 



               අනේ සොරි මිසිස් දෙනිපිටිය ....මම කෝපි බොන්නෙ නෑ...

    මා පැවසූ මොහොතේ දෙනිපිටිය මහත්මිය ගේ දෙනෙත් මත විශ්මයාර්ථයක් සැ`ගවුණ බැල්මක් ශේෂ විය.  එසේ ප‍්‍රකාශ කොට පැය විසිහතරක් යන්නටත් මත්තෙන් මා ගිමන්හලකට වී කෝපි බඳුනක් ඉදිරිපිට වාඩි වී සිටින ආකාරය මිසිස් දෙනිපිටිය දුටුවා නම්, ඇය මා කෙරේ කොපමණ වැරදි චේතනාවන්ගෙන් යුක්ත වනු ඇත්ද?

Wednesday, October 30, 2013

Gift from the Mountains

නික්ම යන්නට පෙර - කදු වළල්ලෙන් ලත් තිළිණ


කෑළ ගස් මත දෙතොළ් රතු කල
අලුත් මල් දහසක් මතින්
මගේ හසරැළි වසග වී ඇත
ඔබේ මතකේ ඉමිහිරෙන්.......

කොබෙයි යුවළක් මත්ව සෙනෙහෙන්
මගේ කවුළුව ලග රැගුම්
පාන සේයා දකින් මගෙ සිත
සුසුම් නංවයි පාළුවෙන්.....

සාර ‍සසොබන මේ ශිඛර මත
මතක මංපෙත් සාදමින්
යන්ට ඉතිකින් කල් එළඹ ඇත
ඔබේ මතකෙන් ගිලිහෙමින්......

සොයා සපැමිණි විහග හදවත
නොලැබුණත් කදු මුදුනතෙන්
යන්නෙ හිස් දෑතින් නොවෙයි මං
ඔබේ සෙනෙහස පොදි බැදන්......




Different

පොඩි දෝණි ලොකු වෙලා ....

මිදුලේ බිම ඔහේ ඉඳගෙන
පොල්කටු දෙකක් අරගෙන
වැලි පුරවලා එකකට
අනිකෙන් හෙමින් තලමින් 
හැදු කෝම්පිට්ටු මුළු මිදුලේම තැන තැන....

ඒ පුංචි ඇස් වල ඔප වැටුණ තාරුකා සේයාව
ඒ දොතොල් අතරේ
මුමුණ මුමුණා හිනැහුණ
නුඹෙ හිතේ ඉපදිච්ච
නුඹම හිතේ ඇඳගත් කතාවක
ඉමිහිරි දසුනක් හැමදාම
මං දැක්ක බව නුඹ දන්නෙ නෑ....

කාමරේ ඇතුළේ හැංගිලා
හිමි හිමින් නුඹ දැනුත් මුමුණනා
එළියට එන එනා වාරෙට ඇස් දෙකත් දිළිසුනා
පුංචි කාලේ දැකපු ඔක්කෝම හීන
හැබෑවුණ තාලෙට හිනැහුනා
නුඹෙ මුළු හිතම ඇහිලත්
නෑහුනා වගේ මං පිටමං වුණා.....