Tuesday, April 8, 2014

අපි දෙන්නා







සියුම් සුසිනිදු වැලි දුලන
කිරි සුදු වෙරළ‘තැති
නුඹ 
ගැඹුරු සයුරකි.....
නිසල, නොයෙක කලබල රහිත....
එනමුත් නිතොර
රැළි නගන........


පතුල් මඩ කළල්
කුඩ මසුද කළඹවන....
හදිසියෙන් මෙන් ගලන..
මම 
ගගකි
නුඹ සොයා නොසන්සුන් ගමනින් එන....

ආතුරය මගේ සිත  - සෙනෙහසින්....

නුඹ කෙරේ අලුත් වන
නුරා දිය ඇලි පවා උපදවන...
අනෙක පැතුමන් මවා වෙහෙසවන...

දෑල ඉවුරත පවා නොතකන
ඉසිඹුවක් නොලබාම පැමිණෙන


මම 
ගගකි
නොසන්සුන් ගමනින් යන....


නුඹ 
ගැඹුරු සයුරකි.....
නොයෙක කලබල රහිත....

4 comments:

  1. කවි රස අපූරුවට රසවින්දෙමි.

    ReplyDelete
  2. නුඹ කෙරේ අලුත් වන
    නුරා දිය ඇලි පවා උපදවන...
    අනෙක පැතුමන් මවා වෙහෙසවන..///.

    ලස්සනයි

    ජයවේවා!!!

    ReplyDelete
  3. මම සයුරමි
    විරහ විරත බව ඔබ සිතූ
    ඇසි පිය රළහු ඔසවමින්
    කඳුළු පුරවා හඬමි
    ජීවිතේ සියලු පැතුම්
    පෙණ බුබුළු හා බිඳෙන සැටි දකිමි

    ගඟ
    ඔබට නොපනෙනවා විය හැක
    දුක් ගංගා රාසීහු සඟවා ගෙන
    දිය බිඳක් නොපුදන
    ආකාස ගඟ දෙස ඇස් යොමා
    වේදනාවෙන් නිසල වූ හැටි මම

    නුඹ නුරා පෙම්
    සිපගන්න බැරිතරං
    ගැඹුරු රිදුමන් දරන
    සයුර මම
    ඔව්

    ReplyDelete
  4. ලස්සන නිසදැසක් .......

    ReplyDelete