සිහින වෙරළ............
කදුළු මිහිදුම් යාය කෙළවර
අතීතේ සිහින වෙරළට
මතකයෙන් පියනගමි ඉදහිට
යෞවනේ සිටි අප දකින්නට........
ජීවිතේ මහ මුහුදු අදුරේ
බොද වුනෙමු අප අපෙන් වෙන් වී.......
සොදුර නුඹ මා එකම සහුරේ
කොහේ කොතැනක දෝ......................
ජීවිතේ සුදු සිහින නගරේ
මිරිගු දිය මීවිතට ලොල් වූ...........
නුඹත් මා මෙන් ඒ බොළද යුගයට
සිනා සෙනවාදෝ.....................
ජගත් ගාමිණි මාවතගම...................................


