එයා තාමත්
පාන්දර
කොච්චියේ
තනි කකුලෙන් හිටගෙන
කොළඹ
එනවැති....
එකපොකුරට මිනිස්සු
තෙරපෙද්දි
මූණ තරහෙන් පිපිරෙනව
ඇති...
මිනිස්සුන්ගෙ ගඳ
සුවඳ දැනෙද්දි
ලස්සන සාරිපොටෙන්
නහය වහගන්නව ඇති.....
එහෙම යන එන
අතරෙ
ඉඳහිට වෙලාවක
මාවත් මතක් වෙනවැති...
මගේ ජීවිතේ
අමාරුම කාලෙදි
ඇය මාව සනසවපු
හිතවතී....
කිසිම හේතුවක්
නැතිව
මා එක්ක ඇවිදපු
මතකයන්
තාම ඒ මතකයෙත්
නොමැකී තියෙනවැති....
කාටවත් නොදී හොරෙන්
රස කෑම කාපු හැටි
සිහිවෙලා
පොඩි හිනාවක්
මූණට එනවැති...
ඊලඟ නැවතුමෙදි
අනික් කකුලට
බරවෙලා
අඳුනන අයට
හිනාවෙලා
කතා කරනවැති.....
නදී
No comments:
Post a Comment