Thursday, October 4, 2012

ට්‍රාන්සර්




ට්‍රාන්සර් එකට පසු.............




පරිගණකයේ අකුරු මුතුකැට

පරදා නැගෙන නුඹේ සුදු මුවේ සිනා කැට...

මතකයෙන් මැවෙන විට

රූරා වැටේ කදුළු කැට අත්ලට......



"නැන්දා එන්නෙ කවදටද "
අහනකොට....අහනකොට....අහනකොට.....
"කැලැන්ඩරයේ රතුපාට දවසටයැ "
කියු නමුත් මට යා හැකිද එදිනට.....
"අනේ...නැන්දා එන්නකො ලබන සිකුරාදාට "
කියනකොට නුඹ...
ඇඬෙන්නේ මට...


මගෙ හිත රිදෙන තැලෙන විට...
සංහිද නුඹය මට....



පුත ගීස, නුඹ හෙට දිනන ලෝකයට
මුතු වරුසා සලන්නට
ඉතිරි කර ගන්නට....
නොහැක මට මේ කදුළු කැට....




Tuesday, October 2, 2012

දෙවෙනි ආදරේ













අසංවර සුළගකින් 
හාදුගත් රාත්‍රියක
හදවතේ නිධන්ගත
සෙනෙහසට රිදුනාද   

අවාරේ රොනට වැඩි
දගකාර බඹර තුඩ
රිදුම් දී හදමතට
දුර ඈත ඇදුනාද

උදැහැනක සුවද ගැළු

සේපාලිකා මලක
කදුළු මළගම මතින්
දෙපා පොඩි ඇදුනාද

පළුදු වුණ වසන්තෙක

ආදරේ පීදිලා
තුරු මුදුන් මතින් විත්
මතක මකරන්ද පොද සැළුවාද

ප්‍රභාමත් දෙනෙතකින්

නිදැල්ලේ ගලා ආ
තාරුකා නෙතුකැල්ම
අදුරු ලෙන් ගුහාවක සැගවීද

නොඉදුලේ රටා ඇදි

මේ කදුළු දෙකොපුලේ
ඉවුරු බිද දා ගැලූ
ආදරේ වේදනා හින්දාද



පාඩම








ගිනිගත් හිරුගෙ කිරණත්
සුපහන් සදුගෙ සිහිලත්
නොමැතිව දිවි ගෙවුමට 
දනිමි මම 
සොදුරිය...

එනයින්
ඔබ මට ශිල්ප කළ යුත්තේ
ඔබේ සිනාවේ
මන්දස්මිතිය නොමැතිව
දිවි ගෙවනා අරුමයයි..............



Friday, September 28, 2012

Beautiful Galle








සිහින වෙරළ............


සිහින වෙරළ............



කදුළු මිහිදුම් යාය කෙළවර
අතීතේ සිහින වෙරළට
මතකයෙන් පියනගමි ඉ‍දහිට
යෞවනේ සිටි අප දකින්නට........


ජීවිතේ මහ මුහුදු අ‍දුරේ
බොද වුනෙමු අප අපෙන් වෙන් වී.......
සො‍දුර නුඹ මා එකම සහුරේ
කොහේ කොතැනක දෝ......................


ජීවිතේ සුදු සිහින නගරේ
මිරිගු දිය මීවිතට ලොල් වූ...........
නුඹත් මා මෙන් ඒ බොළද යුගයට 
සිනා සෙනවාදෝ.....................





ජගත් ගාමිණි මාවතගම...................................

Wednesday, September 12, 2012

Loneliness


The Death

මරණය..........................


ජීවිතේ අම්බලම පීරා
මා සොයා වෙහෙසෙන්නෙපා
මළ කුරුල්ලෙකුගේ 
මළකුණක් පමණි එහි ඇත්තේ.......

පියාපත් බරපවා නොදැනුන
කුරුල්ලෙකුගේ.....
බිදී විසිරුණ සදා සුන්දර සිහිනයක
සුන්බුන් පමණි එහි ඇත්තේ.....

මලින් බර එක් වසත් කාලෙක
ලියූ කවි ගී ළෙහි හොවාගෙන 
ලෝකයට රහසේම මියයන
කවියෙකුගෙ නටඹුන් පමණි එහි ඇත්තේ.....






-ජගත් ගාමිණී මාවතගම-







Saturday, June 23, 2012

මලට බඹරෙකු  සේ...........

මං..........


මං.....................................


පුංචිම 

පුංචි
තරුවක් 
විතරයි
ඔබගෙ අහසේ.....................................




මල් පිපුණ වසන්තේ උදැහැනක්.....
මගේ ලග තියෙනවා සේ දැනෙයි..............
ආදරේ සුන්දර මිහිරකින්........
ඔබ මගේ ලග නිතොර රෑදෙන විට...................

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය මල් ගොමු......................





හාදු වරුසා..................




ඔබේ තොල්පෙති
මගේ තොල් හා එකට එක් කොට...............
එන්න සොදුරිය
අපේ උණුසුම් .............
හාදු වරුසා වස්සවන්නට......................







හාදු වරුසාව



මේ හාදු වරුසාව
ඔබ කොපුල් තල මතට
පතිත වන්නට ......බලා .....
දුක් සුසුම් දරාගෙන උන්නා....
නියං කාලය ගෙවී
වැහි කෝඩයක්වෙලා
නුඹේ මුව සිඹ
තෙමා වැටුණා......
ඒ හාදු වරුසාව
නුඹට ගංවතුරක්ද
පුංචි හිරිකඩයක් ද
හිත හිතා.....හිත හිතා ඉන්නා.....



නදී.........................................

ඔයා දන්නවද?


ඔයා දන්නවද?

මං ඔයාට
මේ තරමට
ආදරය කලේ
ඔයා මට
එක බින්දුවක්වත්
ආදරේ නෑ කියල
දැනගෙන.....

කඳුළු සහ සිනාවන්



ආ.................
මෙන්න

ඔයාගෙ හිනා අහුරයි
කඳුළු සාගරයයි...............

අරගෙන යන්න

මේ තරම්
දරාගෙන
ඉවසගෙන
හිටියනේ මම.................





Thursday, June 21, 2012

ක‍ඳු හිස




කන්දකි ඔබගෙ සිත......

තරණය කරමි කදු හිස
එහෙත් මා හිතවත
තරණය කල නොහැක
ඔබ සිත............









අපි දෙන්නා සහ තවත් කෙනෙක්....

මේ ජිවිතේ 
මා පෙම් බැන්දෙ
ඔබට පමණක් නොවෙයි........

ඔබට පෙම් බැන්දෙ 
මා පමණක් නොවෙයි....

කියන්න...

ඔබ පෙම් බැන්දෙ කාටද?...........










Thursday, June 14, 2012

එන්න........

විකසිත වන හිරැ....
ආරාධනා කරන ළහිරැ කිරණ සමගින් .......
එන්න ඩිංගිත්තක්......
සිනා අහුරකුත් අරගෙන..
අපි අපිම වෙන .........
අපේම කතාවන්
අපේම හිනාවන්
අපේම විහිලු
අපේම සරදම්
හැම අතම විහිදෙන....
සුන්දර උදෑසනකට

ආරාධනායයි..................

එන්න..... හිස් දෑතකින්
ගෙනියන්න ආදරේ