ඒ සියළු වර්ණයන්
දැන් සදහටම කලු සුදුය.....
ඈත අහඹු හවසක
ඔබ දෙතොල් තෙරපූ
නළලතට ඔබ්බෙහි මනසේ, මා සුරැකි
ඔබේ මිහිරි හමුවේ
රුසිරි විඳි මතකයද.....
දිස් දෙනා මානේ
වළකුළු ලැගුම්ගත් සීත කඳු මුදුනක....
හදිසියේ වැලඳගත්
රැයක හද ගැස්සුන
අරුමැසි මතකයේ ගැස්මද....
මා පවා නොම දැන
දිය කඩනයේ ඉවුරෙහි දී මසිත සොරකම් කළ....
එකිනෙකා තුරැළු වී
සිහින මත ඇවිද ගිය
අමෘතමය දින වල මිහිරේ ද....
මුහුදු සුළඟේ දැවටුණ
හද ගැබ පලාගෙන ආ ආදරේ මත්බර මිමිණුම...
සරාගී ස්වරයකින් ඔබ සමඟ මිමිණූ
පෙර නොගැයු ගීත වල
නෙත් තෙමූ ස්වරය ද....
ඈ සියළු වර්ණයන්
දැන් කලු සුදුම පමණි
නික්ම යමි.......
නදීශා දිල්රුක්ෂි ගමගේ
No comments:
Post a Comment