Thursday, May 8, 2014
නූලේ දුර....
කිසිවෙකුට නොපෙනෙනා
දිගුම දිගු නූලකින් ....
මගේ හිත නුඹෙ අතේ
ඇගිල්ලක ගැට ගහන්
නුඹ කොහේ කොහේ යනවද
''මට ඔහේ ඉන්නට
ඉඩ දෙන ගමන් ''.........
ඉන්න බව දන්නකොට
මං මෙතන ජීවිතේ අත් දෙකේ
ගුලි කරන්.......
කුරුල්ලෙක් වගේ නුඹ නිදහසේ
තැන - නොතැන
දැන - නොදැන
ඉගිලෙන තරම්........
හීන අත්තටු පිරිමැදන්
නුඹ කොහේ ඉගිලුනත් තටු අරන්
මං ඉන්නෙ සියුම් නූලකින්
නුඹ මගේ හදවතට ගැටගහන්........
Subscribe to:
Post Comments (Atom)
-
වැලිගම වෙරළේ කෙළවරකින් සැඳෑ හිරුබැස යන නිමේෂයක මගේ හදවත තදින් බැඳතබා වැළඳ ගන්...
-
ඒ සියළු වර්ණයන් දැන් සදහටම කලු සුදුය..... ඈත අහඹු හවසක ඔබ දෙතොල් තෙරපූ නළලතට ඔබ්බෙහි මනසේ...
-
නිරිත දිග මෝසමට ඇරියුමයි මේ ජනේලෙත් හඬවන්න..... !!! හිරු එළිය හොඳ වර්ණවත් කහපාටකින් දිලූනා. ඈත දියඹට ව...
-
දුර බැහැරකැයි නොදැනෙයි සුපුරැදු වැස්ස වැගිරෙයි...... සැප පහසුවෙන් සපිරැණු හෝටලේ සුදුපාට කාමරය හිරකාර බව හිතට හ...
-
ඉසිඹු ලමින් ඉසියුම් රේඛාවන් පවා සිඹ සිඹ බැලූවෙමි..... ඔබේ යුග දෑතෙහි.... නැත එහි පැතූ විලසින් මගේ ධෛවය ලියැවී......
හරිම අසාධාරණයි. පවු අසරණී (සමහර විට අසරණය වෙන්නෙත් බැරි නෑ.)
ReplyDeleteමේ තමයි හැබෑ ආදරේ........
ReplyDelete