හති වැටුණ ජීවිතේ
දෙවුරෙන් දරාගෙන
වැහිබරිත මෝසම් හැඳෑවක
හමුවෙමුද ආයෙ හදිසියෙම...
මේ වේදනාවන් අනේක
බෙදාහදාගෙන
මොහොතකට සුව වෙන්න...
අගිසි නෙතු කෙවෙනි තුළ
බොඳව ගිය බිඳු කඳුළු
හුයෙන් ඇඟිළිති පිහිද පිහිදා...
නොහඬා හඬා වෙන්වෙන්න...
අඳුරු ඒ සීත හැඳෑවෙම
යළිත් අප හද ගැහෙන රාවය
"කමටහන" සේ මතකයේ තබාගෙන..
දුරක් ඇවිදන් යන්න
තුරුළු වී ඉමුද එක මොහොතකට...
නදීශා දිල්රුක්ෂි ගමගේ