Friday, November 14, 2014

කැපෙනවා, බදිනවා,දැවෙනවා, හඩනවා....




සුදු නංගි මෙහෙ වරෙන්
ගනිං මේ පොඩි කැත්ත
යමං දැන් වන රොදට
දර ටිකක් පාහින්ට.....
අද රෑට පාන් කා තේ බොන්න............


පොඩි කැත්ත කැපෙනවා
කපනවා... කපනවා...

දර අකුල් එකතු කර 
අයිය මිටි බදිනවා
බදිනවා... බදිනවා...


දර නොවේ... ජීවිතය
මිටි පිටින් බදිනවා

කාසියට මාරුවී 
දර ලිපට වැටෙනවා
දැවෙනවා.... දැවෙනවා...


දර නොවේ ජීවිතය
වැටී වැටී දැවෙනවා....

බුර බුරා නැගි අග්නි ජාලා
අපට සැර පානවා
කදුලු බිම වැටෙනවා
හඩනවා... හඩනවා...



ගාමිණී ජයවර්ධන


2 comments:

  1. මෙහෙම ජීවිත අපේ පලාත්වලත් අනන්තවත් තියෙනවා.

    ReplyDelete
  2. යථාර්තවාදි කවියෙක්!!! මිටි බඳින ජීවිතවල ඇතුලාන්තය හරිම ශෝකජනකයි.

    ReplyDelete