Sunday, June 22, 2014
මේ මගේ හිත....
දසත ගුම් දී හමන
චණ්ඩ මාරුතේ වුව නොසැලෙන
ඉන්ද්‍රඛීලයකැයි නුඹ සිතුවාට....
මගේ සිත
සියුම් ළ‘දල්ලකි
මද සුළගිනුදු ස‘සැලෙන .......
තෙදැති මත් ඇතුන් වුව බැද තබන
යදම් වැලකැයි නුඹ සිතුවාට...
මගේ සිත
මකුණු දැළ් හුයක් මෙන් දුහුළැල්ය
ඇගිලි සරකින් පවා විසුණු වන .......
විසල් වනපෙත් මුදුන් පරයා
එසැවී හිරුට හිනැහෙන
වනස්පතියකැයි නුඹ සිතුවාට...
මගේ සිත
පුංචි තුත්තිරියා ගසකි
කිසිවෙකුගෙ නෙත නැවත නොගැටෙන....
විටක කළඹා ඉවුරු සසලවන
නෙක ගම් දනවු මැදින් ගලා යන
නදියකැයි නුඹ සිතා වුන්නාට...
මගේ සිත
ඉසියුම් පිනි බිදකි
සළකුණක් හෝ නැතිව
හිරු රැසින් වුව වියැකෙන
Subscribe to:
Post Comments (Atom)
-
වැලිගම වෙරළේ කෙළවරකින් සැඳෑ හිරුබැස යන නිමේෂයක මගේ හදවත තදින් බැඳතබා වැළඳ ගන්...
-
ඒ සියළු වර්ණයන් දැන් සදහටම කලු සුදුය..... ඈත අහඹු හවසක ඔබ දෙතොල් තෙරපූ නළලතට ඔබ්බෙහි මනසේ...
-
නිරිත දිග මෝසමට ඇරියුමයි මේ ජනේලෙත් හඬවන්න..... !!! හිරු එළිය හොඳ වර්ණවත් කහපාටකින් දිලූනා. ඈත දියඹට ව...
-
දුර බැහැරකැයි නොදැනෙයි සුපුරැදු වැස්ස වැගිරෙයි...... සැප පහසුවෙන් සපිරැණු හෝටලේ සුදුපාට කාමරය හිරකාර බව හිතට හ...
-
ඉසිඹු ලමින් ඉසියුම් රේඛාවන් පවා සිඹ සිඹ බැලූවෙමි..... ඔබේ යුග දෑතෙහි.... නැත එහි පැතූ විලසින් මගේ ධෛවය ලියැවී......
අලියාගේ තරම අලියා දන්නේ නැනේ..... අන්න ඒ වගේ තමයි මේ කතාවත්......
ReplyDeleteසියුම් භාවයන් උද්දීපනයේදී නම්.. ඔබේ සිත ඒලෙස නොවන වග
ReplyDeleteපසක් වීය.. කවිය දෙස බැලූ කල......