Wednesday, September 12, 2012

The Death

මරණය..........................


ජීවිතේ අම්බලම පීරා
මා සොයා වෙහෙසෙන්නෙපා
මළ කුරුල්ලෙකුගේ 
මළකුණක් පමණි එහි ඇත්තේ.......

පියාපත් බරපවා නොදැනුන
කුරුල්ලෙකුගේ.....
බිදී විසිරුණ සදා සුන්දර සිහිනයක
සුන්බුන් පමණි එහි ඇත්තේ.....

මලින් බර එක් වසත් කාලෙක
ලියූ කවි ගී ළෙහි හොවාගෙන 
ලෝකයට රහසේම මියයන
කවියෙකුගෙ නටඹුන් පමණි එහි ඇත්තේ.....






-ජගත් ගාමිණී මාවතගම-







No comments:

Post a Comment