මම මා ඉදිරිපස මේසය මත සීරුවට තබා ඇති කෝපි කෝප්පයේ වර්ණයත් සුවඳත් අත් වින්දෙමි.
අනේ සොරි මිසිස් දෙනිපිටිය ....මම කෝපි බොන්නෙ නෑ...
මා පැවසූ මොහොතේ දෙනිපිටිය මහත්මිය ගේ දෙනෙත් මත විශ්මයාර්ථයක් සැ`ගවුණ බැල්මක් ශේෂ විය. එසේ ප්රකාශ කොට පැය විසිහතරක් යන්නටත් මත්තෙන් මා ගිමන්හලකට වී කෝපි බඳුනක් ඉදිරිපිට වාඩි වී සිටින ආකාරය මිසිස් දෙනිපිටිය දුටුවා නම්, ඇය මා කෙරේ කොපමණ වැරදි චේතනාවන්ගෙන් යුක්ත වනු ඇත්ද?